නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Sunday, June 7, 2020

රටක ජීවය හා කොවිඩ් 19

රටක ජීවය එම රටේ ජනයාගේ උද්‍යෝගය, දැනුම,පාලනය කෙරෙහි ඇති විශ්වාසය වැනි කරුණු මත හා ළමා පරපුරේ නිදහස හා ඍජුව සම්බන්ධ වේ.
ළමා පරපුර මුහුණදෙන විවිධ මානසික පීඩන තත්වයන් කෙරෙහි බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මයි.
රටක පාලකයන් මවාදෙන අසුන්දර සිහින කරපින්නා ගන්නා වැඩිහිටියන් දුවන මනෝ විකාර ගමන දෙස සිහිකල්පනාවෙන් බැලුවහොත් ඔවුන්ගේ දෙපා කැන්ගරු දේශයේය, ශීර්ෂය ඇමෙරිකාවේය,ඉතින් දරුවන් රටේ සිටීීද ?
එක අතකින් දොස්තර ඉන්ජිනේරු සිහිනයට දරුවන් තල්ලු කරන මහා ඝෝෂාවය.
අනෙක් අතින් බහුභාණ්ඩික අරුමෝසම් හඹා දිවිල්ලය.
දකින දකින බැංකුවට ලීසින් කොම්පැණියට ණය වෙමින් දුවන මේ දිවිල්ල රටක ජීවය කෙසේ වෙතත් ජනයාගේ දිවි කොට කිරීමට නම් හේතුවන බව පැහැදිලිය.

රටේ සම්පත් භාවිතයට හා ඒවා භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනයට යොදවා ගෙන , ආත්ම ගරුත්වයෙන් රටේම ජීවත් වන්නට උත්සාහ දරන්නන් බයියෝය. තම සහෝදර ජනයා වෙත ජාතියේ අනන්‍යතාවය වටහා දෙන්නන් වහල්ලුන් ලෙස ගරහන්නන් බොහොමයක් යටකී මනෝ විකාර කාරයන්ගේ එකතුවකි.
බටහිරටම කඹුරන මොවුන් රටට කර ඇති හානිය රටක ජීවය නසන පිළිල වේ.
එහෙත් කොවිඩ් 19 මොවුන්ගේ ඔළු වෙනස් කලේ නැත.රටේ සම්පත් භාවිතයට හා ඒවා භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනයට යොදවා ගෙන , ආත්ම ගරුත්වයෙන් රටේම ජීවත් වන්නට උත්සාහ දරන නව නිපැවුම් කරන්නන්ට ජීවයක් ගෙනෙමින් ඔවුන්ගේ උත්සාහය නිවැරදි බව නැවත නැවතත් සනාථ කළා පමණි.
සත්‍යජිත් බුත්පිටිය.

Monday, February 25, 2013

දුප්පත්කමට එරෙහිව සටන් කරන්නේ කෙසේද

දුප්පත්කමට එරෙහිව සටන් කරන්නේ කෙසේද යන්නට එක් පිළිතුරක් සෑහෙයි.එනම්'අළුත් දෑ තැනීමෙන්' යන්නයි.
රටක් තම දුප්පත්කම දුරලීමට පස් වැදෑරුම් සහායක් ලබයි.


1) දියුණු කළ මානව සම්පත්2) ප්‍රයෝජනවත් ස්වාභාවික සම්පත්
3) ප්‍රාග්ධන සම්පත්
4) තාක්ෂණික නව නිපැයුම්
මා නව නිපැයුම් වෙත ඉදිරි මුළු ජීවිත කාලයේම සිසුන් මෙහෙයවීමට අපේක්ෂා කරනුයේ අපට ඉහත 1 සහ 4 ඉටුකළහැකි නම් දුප්පත්කම දුරලීමට රටට සහාය විය හැකිය යන විශ්වාසය මා තුල ඇති නිසයි.ඔබත් එයට එක් වන්න.

2013 නිපුණතා තරඟාවලිය













2013 වසර අපට ජය පිට ජය ගෙනාවා.නිපුණතා තරඟාවලියේ පළමු ස්ථානයත් තවත් ස්ථාන දෙකකුත් මා ඉදිරිපත් කළ සිසුන් දිනුවා.ඔවුන් උපරිම කැපවීමෙන් පුහුණුවීම් වල යෙදුණු නිසයි ජය ලැබුවේ.

නව නිපැයුම් තරඟ-2011,2012, සහ 2013


2011 නව නිපැයුම් තරඟයෙන් අපි පළමු තැන දිනුවා.
2012 අපෙන් ඉදිරිපත් වුන සිසිරට අන්තිම දිනයෙ ප්‍රශ්නයක් නිසා එන්න බැරිවුනා.ප්‍රසාද්,කාන්චන ඇතුළු අනෙක් සිසුන් පරිඝණකවල  අපතෙ යන දේ එක් කරල ආභරණ හදල ඉදිරිපත් කලා.එහෙත් සිසිරගෙ නමින් ඉදිරිපත් නොවූ නිසා තෑගි නැහැ.
2013 අපි වර්ග දෙකක් යටතෙ තරඟ කර දෙකටම තුන්වන ස්ථාන දිනුවා(රු.200000.00)

Wednesday, October 10, 2012

ගල්බොඩ ඇල්ලට යමු

දකුණු ආසියාවෙ හොඳම වතුර තියෙන ගල්බොඩ යන්න පිටත් වුනේ කොළඹින්  උදේ 5,50 ට.දවල් 11.00 වෙත්දි අපි ගල්බොඩ දුම් රිය පොළට ආවා.
එතැන් සිට ගල්බොඩ වතුයායෙ මුදුනටම නැග්ගා.




Innovation 2012



Sri Lanka News-LOTUS TOWER THE TALLEST TOWER IN SOUTH ASIA TO BE BUILT I...