නුදුටු ඇත්තක මිහිර

නුදුටු ඇත්තක මිහිර

Sunday, June 7, 2020

රටක ජීවය හා කොවිඩ් 19

රටක ජීවය එම රටේ ජනයාගේ උද්‍යෝගය, දැනුම,පාලනය කෙරෙහි ඇති විශ්වාසය වැනි කරුණු මත හා ළමා පරපුරේ නිදහස හා ඍජුව සම්බන්ධ වේ.
ළමා පරපුර මුහුණදෙන විවිධ මානසික පීඩන තත්වයන් කෙරෙහි බලපාන්නේ දෙමාපියන්ගේ දැක්මයි.
රටක පාලකයන් මවාදෙන අසුන්දර සිහින කරපින්නා ගන්නා වැඩිහිටියන් දුවන මනෝ විකාර ගමන දෙස සිහිකල්පනාවෙන් බැලුවහොත් ඔවුන්ගේ දෙපා කැන්ගරු දේශයේය, ශීර්ෂය ඇමෙරිකාවේය,ඉතින් දරුවන් රටේ සිටීීද ?
එක අතකින් දොස්තර ඉන්ජිනේරු සිහිනයට දරුවන් තල්ලු කරන මහා ඝෝෂාවය.
අනෙක් අතින් බහුභාණ්ඩික අරුමෝසම් හඹා දිවිල්ලය.
දකින දකින බැංකුවට ලීසින් කොම්පැණියට ණය වෙමින් දුවන මේ දිවිල්ල රටක ජීවය කෙසේ වෙතත් ජනයාගේ දිවි කොට කිරීමට නම් හේතුවන බව පැහැදිලිය.

රටේ සම්පත් භාවිතයට හා ඒවා භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනයට යොදවා ගෙන , ආත්ම ගරුත්වයෙන් රටේම ජීවත් වන්නට උත්සාහ දරන්නන් බයියෝය. තම සහෝදර ජනයා වෙත ජාතියේ අනන්‍යතාවය වටහා දෙන්නන් වහල්ලුන් ලෙස ගරහන්නන් බොහොමයක් යටකී මනෝ විකාර කාරයන්ගේ එකතුවකි.
බටහිරටම කඹුරන මොවුන් රටට කර ඇති හානිය රටක ජීවය නසන පිළිල වේ.
එහෙත් කොවිඩ් 19 මොවුන්ගේ ඔළු වෙනස් කලේ නැත.රටේ සම්පත් භාවිතයට හා ඒවා භාවිත කරමින් භාණ්ඩ නිෂ්පාදනයට යොදවා ගෙන , ආත්ම ගරුත්වයෙන් රටේම ජීවත් වන්නට උත්සාහ දරන නව නිපැවුම් කරන්නන්ට ජීවයක් ගෙනෙමින් ඔවුන්ගේ උත්සාහය නිවැරදි බව නැවත නැවතත් සනාථ කළා පමණි.
සත්‍යජිත් බුත්පිටිය.

No comments:

Post a Comment